මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණින් පරිසරය සුරැකීමේ විශේෂ වැඩසටහනක්

    නොවැම්බර් 25, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණින් පරිසරය සුරැකීමේ විශේෂ වැඩසටහනක් පොලිසිය අද (24) සිට ආරම්භ කළේ ය.

    පොලිස් පාරිසරික දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරිම ආරම්භ කර ඇත. පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පාරිසරික කොට්ඨාෂය භාර අධ්‍යක්ෂකවරයෙකු යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. එමෙන්ම සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකද ප්‍රතිසංවිධානය කිරිම මේ වන විට ආරම්භ කර ඇත.

    කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියළු කළමණාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැදවිමට පොලිසිය ඊයේ (24) පියවර ගෙන තිබුණි.

    පරිසරයට හානි දායක ක්‍රියාවන් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන්ගුණසේකර මහතා පැවසීය.

    මෙම වැඩසටහනට අමතරව රිය අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් ද වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya