අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර-පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

    නොවැම්බර් 24, 2019

    ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දින අරක්ෂක අමාත්‍යාංශයේ දී පැවසීය.

    මෙම සාකච්ඡාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ වැළැක්වීම ඇතුළු වැදගත් මාතෘකාවන් ගණනාවක් සාකච්ඡාවට බඳුන් විය. දිවයින තුළ පවත්නා මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් පොලිසියට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්ආර් ලතීෆ් මහතා ඇතුළු උසස් නිලධරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya