අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති දළඳා සමිදු වැඳ ආශිර්වාදය ලබා ගනී

    නොවැම්බර් 23, 2019

    අභිනව අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේ ය.

    ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, දිය වඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලයන්හි බස්නායක නිළමේවරුන් විසින් පිළිගැනීම සිදුකරනු ලැබුවේය.

    එහිදි රැස්ව සිටි ජනතාවගෙන් ද අග්‍රාමාත්‍යවරයාට හිමිවුයේ උණුසුම් පිළිගැනීමකි.


    අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි සුමංගල මහනාහිමි බැහැ දැකීමෙන් පසු අස්ගිරි මහාවිහාරය වෙත ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමි බැහැ දුටුවේය

    malwatta

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya