දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    රත්නපුරය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ නාය යැම් ප්‍රදේශ ගැන අවධානයෙන් පසුවෙන්න - අපදා කළමණාකරන මධ්‍යස්ථානය

    නොවැම්බර් 22, 2019

    දිවයිනේ මේ වන විට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පේ සහ ඕපනායක යන ප්‍රදේශ වල නායයාමේ අවදානමක් පවතින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය පරක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා නිවේදනය කර සිටී.

    ඒ අනුව ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබුනහොත්, පස්කඳු කඩාවැටීම්, ගල් පෙරලිම් ආදී වූ නායයාම් ලක්ෂණ දක්නට ඇතොත් වහාම එම ස්ථාන වලින් ඉවත් වී ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය කරන ලෙස ද, ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ ආයතනයේ නිවේදන කෙරහි එම ප්‍රදේශ වල ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස ද අවධාරණය කර සිටි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya