දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    සංස්ථා මණ්ඩල ප්‍රධානීන් පත් කිරිම මණ්ඩලයකින්

    නොවැම්බර් 22, 2019

    රාජ්‍ය සංස්ථා,මණ්ඩල ඇතුළු ආයතන හා ප්‍රධානීන් පත් කිරිම තේරිම් මණ්ඩලයක් මඟින් සිදු කෙරෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

    ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ අද (22) කැබිනට් මණ්ඩලය දිව්රුම් දිමේ උත්සවය අමතමිනි.

    තවදුරටත් අඳහස් දැක්වූ ජනාධිපතිවරයා,  අමාත්‍යාංශ  යටතේ පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසාය ආයතන පාඩු ලබන ආයතන බවට පත්වෙලා තිබෙනවා.
    අපි ඒවා ලාභ ලබන භාණ්ඩාගරයට බරක් නොවන අයුරින් ක්‍රියාත්මක කරන්න ඕන. ඒවායේ සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදී කාර්යය කරන්න පුළුවන් සුදුසුකම් හා වෘත්තීය දැනුම ඇති සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කළ යුතුයි.

    මේ සඳහා තේරීම් මණ්ඩලයක් හරහා අපි තෝරා ගන්නවා. එවැනි නම් තිබෙනවානම් තේරීම් මණ්ඩලයට යොමුකරන්න.නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියා දුප්පත් කමින් පහළ මට්ටමේම සිටින ජනතාව ඇබෑර්තු ලබාදෙන අයට දෙන්න. ඒ හරහා දුප්පත්කමෙන් ඉහළට ගන්න පුළුවන්.නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියා සඳහා අධ්‍යාපනයෙන් වැඩි අය පත්කරන්න එපා. සෑම මන්ත්‍රීවරයෙකුට මේ අවස්ථාව දෙන්න ඕන.එය ජනපති ලේකම් කාර්යාලයට ලබාදුන්නොත් අපිට පුළුවන් ඒ අයට අවශ්‍ය රැකියා දෙන්න යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya