අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සවිබල ගැන්වීම සඳහා නාවික හමුදාවේ අතහිත

    නොවැම්බර් 21, 2019

    ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය තුල පිහිටි නාවික දියත්මග මඟින් නැවත සවිගන්වන ලද ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 410 යාත්‍රාව 17 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට නැවත භාර දෙන ලදී.

     එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. අළුත්වැඩීයාවේදී මූලික වශයෙන් යාත්‍රාවේ මතුපිට තීන්ත ඉවත් කිරීම, යාත්‍රාවේ හානියට පත් සහ කඩතොලු වූ බඳ කොටස් නැවත සකස් කිරීම, එන්ජිම නැවත ස්ථාපනය කිරීම, නව රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරීම සහ නව ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියක් (ජී.පී.එස්.) ස්ථාපනය කිරීම ආදි වූ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.

     තවද, මෙම යාත්‍රාව 1988 වර්ෂයේදී ඊශ්‍රාලය මඟින් ශ්‍රී ලංකාව වෙත ලබා ගන්නා ලද අතර, මෙම යාත්‍රාව වසර තිහකට (30) පසුව ප්‍රධාන නැවත සවිගැන්විමේ ක්‍රියාවලියක් මෙලෙස සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya