අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආරක්‍ෂක ලේකම් සිය ධූරයේ රාජකාරී අරඹයි

    නොවැම්බර් 20, 2019

    මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න මහතා අද (19) දින උදෑසන නව ආරක්‍ෂක ලේකම් වරයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරිය ආරම්භ කළේ ය.

    මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ආරක්‍ෂක ආමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

    ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රය වෙත සපැමිණි නව ආරක්‍ෂක ලේකම් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානූකූලව පිරිනමනු ලැබු කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යනු ලැබීය. ඉන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විසින් නව ආරක්‍ෂක ලේකම් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලදී. ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් 48 දෙනෙකුගෙන් සමන්විත වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ අණදෙන නිලධාරී විසින් නව ආරක්‍ෂක ලේකම් වෙත රපෝර්තු කිරිමෙන් අනතුරුව සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසුව, නව ආරක්‍ෂක ලේකම් සම්මාන ආචාර පෙළපාලිය නිරික්‍ෂණය කිරිමෙන් අනතුරුව සිය කාර්යාලය වෙත පැමිණි එතුමන් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වා රාජකාරී ආරම්භ කළහ.

    මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් නව ආරක්‍ෂක ලේකම් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.

    වර්ෂ 1981 අගෝස්තු මස 31 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වර්ෂ 1982 දෙසැම්බර් මස 4 වන දින 2 වන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරීයට පත්විය. ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ එතුමන් අණදෙන නිලධාරි, මාණ්ඩලික නිලධාරී 11, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1, පාබල පුහුණු මධ්‍යස්ථානය සේනාවිධායක, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී, 55 වන සේනාංකය සේනාංකාධිපති, 53 වන සේනාංකයේ සේනාංකාධිපති, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ඇතුළු උතුරු සහ වන්නි ප්‍රදේශයන්හී මාණ්ඩලික කතතුරු රැසක් හොඹවා ඇත.

    විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වර්ෂ 2008 - 2009 කාලය තුළ වන්නි මානුෂීය මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව දායක වූ අතර වඩමරාච්චි මෙහෙයුම, රිවිරැස මෙහෙයුම සහ ජයසිකුරු මෙහෙයුම ඇතුළු තවත් බොහෝ මෙහෙයුම් සඳහා සිය සක්‍රීය දායකත්වය ලබාදී ඇත. එතුමන් යුධ පිටියේ ලද අතීත අත්දැකීම් පිළිබඳ පොත් කිහිපයක් රචනා කර ඇති අතර ඒ අතරින් ‘Road to Nandikadal’ සහ ‘ගෝඨාභය’ චරිතාප්‍රදානය යන ග්‍රන්ථ සඳහා වෙළඳපොලේ වැඩි අලෙවියක් ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya