දෙසැම්බර් 13, 2019
tami eng youtube  twitter facebook

    මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයේ රාජකාරි අරඹයි

    නොවැම්බර් 20, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේදී අද (20) සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    මහ බැංකුවේ විධායක නිලධාරියකු වන ආටිගල මහතා මහ බැංකුවෙන් නිදහස් වී වසර දහයකට අධික කාලයක් තිස්සේ මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර කෙටි කලක් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද කටයුතු කළේය.


    එක්සත් රාජධානියේ වෝවික් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාත්මක සංවර්ධන ආර්ථිකය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් (එම්.එස්.සී) වන ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්ද වේ. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය ව්‍යාපාර යන දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති ආටිගල මහතා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සඳහා දායකත්වය දැක්වූ නිලධාරියෙකි.

    ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩබලන අධ්‍යක්ෂ සහ සභාපති යන තනතුරු හොබවා ඇති ආටිගල මහතා භාණ්ඩාගාරය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කර තිබේ.

    මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා, මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ද සහභාගී වූහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya