අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාධිපති ජනාධිපති හමුවෙයි

    නොවැම්බර් 20, 2019

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමුවිය.

    මෙම හමුව ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිවරයා විසින් අභිනව ජනාධිපතිවරයා වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.

    තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya