අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේගේ නව චූඩාමාණික්‍යය ප්‍රදර්ශනය අද සහ හෙට කොළඹ දී

    නොවැම්බර් 19, 2019

    ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොතට පැළඳවීමට නියමිත නව චූඩාමාණික්‍යය බැතිමතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම අද (19) සහ හෙට (20) යන දෙදින තුළදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරේ.

    මෙම චූඩාමාණික්‍යය ප්‍රදර්ශනය ඊයේ දිනයේදී (18) ආරම්භ වූ අතර පැය 24 පුරාවට ම බැතිමතුන් හට මෙය වන්දනාමාන කර ගැනීම සඳහා අවස්ථාව විශ්ව පාරමී පදනම විසින් සළසා දී ඇත.

    නොවැම්බර් මස 21 වන දින උදෑසන මෙම චූඩාමාණික්‍යය රථ පෙරහරකින් අනුරාධපුරය වෙත රැගෙන යන අතර 21 සහ 22 දිනයන්හිදී කුරුණෑගල ඇත්කඳ විහාරයේදී බැතිමතුන් හට මෙය වන්දනා කිරීමට අවස්ථාව සැලසේ.

    මෙම මස 23,24,25 දිනයන්හිදී රුවන්වැලි මහ සෑ සලපතල මළුවෙහි නිර්මාණය කරන ලද විශේෂ කුටියක් තුළ මෙම චූඩාමාණික්‍යය තැන්පත් කර එහිදී ද මෙය වන්දනාමාන කර ගැනීමට ජනතාව හට අවස්ථාව උදා වේ.

    25 වන දින සවස නව චූඩාමාණික්‍යය කොත් වහන්සේට පැළඳවීම සිදු කරන අතර පසුදා (26) උදෑසන කොත් වහන්සේ නිරාවරණය කිරීමට නියමිතය.

    කිලෝග්රෑම් 60 කින් යුත් චූඩාමාණික්‍යයෙහි මැණික් ගල් 4900 ක් පමණ ඔබ්බවා ඇති අතර අඩි දෙකක් පමණ උසැති මෙම චූඩාමාණික්‍යයෙහි පළිඟු මැණික ඔස්ට්‍රියාවෙන් මෙරටට ගෙන්වන ලදී.

    කිසි දිනෙක දැක බලා වන්දනාමාන කර ගත නොහැකි මෙම උත්තරීතර චූඩාමාණික්‍යය වැඳපුදා ගැනීමට පැමිණෙන ලෙස සියලුම බැතිමතුන්ගෙන් විශ්ව පාරමී පදනම ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya