අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජනපති සුබ මොහොතින් රාජකාරි අරඹයි

    නොවැම්බර් 19, 2019

    ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරු 10.51 ට යෙදී තිබූ සුභ මොහොතින් ජනාධිපති කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

    මෙම අවස්ථාවට පැමිණි නව ජනාධිපති වරයා හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළි ගනු ලැබීය.ඉන්පසු නව ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් හා ආචාර වෙඩි මුර පැවැත්වීම සිදු කෙරිණි.

    අනතුරුව සිය කාර්යාලය වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කොට ආශිර්වාද කළහ.ඉන්පසු සිය අසුන වෙත ගිය නව ජනාධිපතිවරයා පෙරවරු 10.51 ට නව ජනාධිපති ලේකම් වශයෙන් පත්වී සිටින ආචාර්ය පී.බී ජයසුන්දර මහතාගේ පත්වීම් ලිපියට අත්සන් කොට එය ඔහුට බාරදෙීමෙන් රාජකාරී ඇරඹීය.

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී විය.

    මහාචාර්ය ජී.එල් පීරිස්,මහින්ද අමරවීර,ඩලස් අලහප්පෙරුම,දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ,කෙහෙළිය රඹුක්වැල්ල,දිනේෂ් ගුණවර්ධන,මහාචාර්ය තිස්ස විතාරණ,බන්දුල ගුණවර්ධන,ඩග්ලස් දේවානන්ද,එන්.එම් චන්ද්‍රසේන,මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya