අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීම අද

    නොවැම්බර් 18, 2019

    ශ්‍රී ලංකාවේ හත් වැනි විධයක ජනාධිපතිවරය ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අනුරාධපුර ඓතිහසික රුවන්වැලි සෑ රඳුන් අභියස දී සිය ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා නොවැම්බර් (16) දින පැවැති ජනාධිපතිවරන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 6,924,255 එනම් සියයට 52.25 ක් ලබාගනිමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.

     

    එහිදී ප්‍රතිවාදී අපේක්ෂක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඡන්ද 5,564,239 එනම් සියයට 41.99 ක් ලබාගත් අතර ඔහුට වඩා වැඩි ඡන්ද 1,360,020 ක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් විය.

    ඒ අනුව දිස්ත්‍රික් 16 ක් හා බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ඒ මහතා මැතිවරණ දිස්ත්‍රික් 22 න් 17 ක තැපැල් ඡන්ද ජයග්‍රහණයද හිමිකර ගැනීමට සමත් විය.


    07 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැති මැතිවරණය සඳහා ඡන්දදායකයන් 159,992,096 ලියාපදිංචි වී සිටී අතර ඉන් ඡන්දදායකයන් 13,387,951 ඡන්ද ප්‍රකාශ කර තිබිණි. එහිදී ඡන්ද 135,452 ක් ප්‍රතික්ෂේප වූ අතර සමස්ත ඡන්ද භාවිතය ප්‍රතිශතයක් ලෙස සියයට 83.72 කි.

    මෙරට දේශපාලන ඉතිහාසයේ රාජ්‍ය නිලධාරියකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඒ මහතා මහින්ද රාජපක්ෂ රජය සමයේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහත කැපී පෙනෙන රජ්‍ය නිලධරියෙකු ලෙස මහජන ගෞරවයට පාත්‍ර විය.

    ජනාධිපතිවරයකුගේ සොහොයුරකු ජනාධිපතිවරයකු බවට පත්වීමද සුවිශේෂී කරුණකි. එමෙන්ම දේශපාලන නොවන පුද්ගලයකු ජනාධීපතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ පළමු අවස්ථාවද මෙය වේ.

    තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීමට නායකත්වයක් ලබදුන් ගෝඨාභය මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාන්විත රැසකට දායකත්වය ලබා දෙමින් උපන් මාතෘ භූමිය වෙනුවෙන් දායකත්වය සැපයූ කීර්තිමත් හමුදා නිලධාරියෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya