අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මා වෙත තැබූ විශ්වාසය ඒ අයුරින්ම සුරකිනවා - නව ජනාධිපති කියයි

    නොවැම්බර් 17, 2019

    ජනතාව තමා වෙත තැබූ විශ්වාසය ඒ අන්දමින්ම සුරකින බවට පොරොන්දු වන බව ශ්‍රී ලංකාවේ  07 වන  ජනාධිපති වශයෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී අද (17) පැවසීය.

    ජනාධිපතිවරණයෙන් ජයගත් අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් කැඳවා තිබු හමුවේ දී අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ කීය.

    මැතිවරණ කොමිසමේ සභාපති වරයා විසින් සිය කතාවේ දී ඉල්ලා සිටි අතුරුදහන් කරන ලද පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ගැන කරුණු දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා, එම මැතිවරණ නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

    තමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සියලු කරුණු ඉටු කිරීමට තමා පියවර ගන්නා බව ද ඒ මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya