අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ හත්වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්වෙයි

    නොවැම්බර් 17, 2019

    ශ්‍රී ලංකාවේ හත් වැනි ජනාධිපතිවරයා ලෙස ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) දින ජනතා තීන්දුවෙන් තේරී පත් විය.

    ඊයේ දින (16) ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදු කෙරිණි. මෙවර පැවැති ජනාධිපතිවරනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගනු ලබන්නේ,ඡන්ද 692,4255ක් ලබාගනිමිනි. එහි ප්‍රතිශතය වන්නේ, සියයට 52.25%කි.

    එමෙන් ම මෙම ජනාධිපතිධූරයට තරඟ වැදීමට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වීම ද විශේෂත්වයයි. මැතිවරණ ප්‍රතිඵල අනුව දෙවැනි තැනට ඡන්ද ලබාගනු ලබන්නේ, ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරඟ කළ සජිත් ප්‍රේමදාස මහතාය. ඒ මහතා ඡන්ද 556,4239ක් ලබාගත් අතර එහි ප්‍රතිශතය වන්නේ,44.99%කි.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ පත් වූ හත්වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (17) රාජගිරිය, පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැති විශේෂ රැවීමේ දී නිලවශයෙන් ප්‍රකාශ කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya