මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් නිලධාරින් 28,477ක්

    නොවැම්බර් 15, 2019

    නොවැම්බර් 16 වන දිනට යෙදි ඇති ජනාධිපතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් නිලධාරින් 28,477ක් සේවයට යොදවා ඇති බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ,ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

    මෙවර ජනාධිපතිවරණයේ 17,51,477ක් වන වැඩිම ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිමට නියමිත ය.එමෙන් ම නිලධාන්ගෙන් 14,303 ක පිරිසක් ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහාත්,6000ක පමණ පිරිසක් ඡන්දය ගණන් කිරිම සඳහාත්,සෙසු නිලධාරින් ඡන්ද මධ්‍යස්ථාන රාජකාරීන් සහ අනෙකුත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනිමට නියමිත බව තේරිම්භාර නිලධාරාවරයා වැඩිදුරටත් පැවසීය.

    මැතිවරණ කොට්ඨාස 13 හි ඡන්ද මධ්‍යස්ථාන 1184 ක දි ඡන්දය ප්‍රකාශ කිරිමට නියමිත අතර ඡනදය ගණනය කිරිම සඳහා පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨය , විද්‍යාලෝක විද්‍යාලය සහ නයිවල උසස් තාක්ෂණ ආයතනය යන පරිශ්‍ර තුනේදී සිදු කෙරෙන බව පැවසූ සුනිල් ජයලත් මහතා මේ සම්බන්ධයෙන් අදාළ සියලුම නිලධාරීන් හට අවශ්‍ය දැනුවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - ගම්පහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya