මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති විශේෂ රාජකාරි සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරු 09ක්

    නොවැම්බර් 14, 2019

    නොවැම්බර් 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයට අඳාළ රාජකාරි සඳහා පොලිස් මුලස්ථානයේ විශේෂිත කිහිපයක් භාර ( දිසා)  නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 ක් අද (14) සිට රාජකාරි සඳහා යෙදවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන්  ගුණසේකර මහතා පවසයි.

    ඒ අනුව මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනා ජනාධිපතිවරණ විශේෂ රාජකාරියේ යෙදවීමට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇති බව රුවන් ගුණසේකර මහතා ඊයේ (13) පැවති මාධ්‍ය සකඡාවේ දී පවසන ලදී.

    මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 09 ක අද (14) සිට ජනාධිපතිවරණ විශේෂ රාජකාරියේ යොදවා ඇත.


    මෙම නිළධාරීන් කිළිනොච්චිය, මන්නාරම, පොළොන්නරුව,කෑගල්ල, මාතලේ, මොණරාගල, මඩකලපුව, මුලතිව් සහ මාතර යන දිස්ත්‍රික්ක 09 සඳහා විශේෂ රාජකාරියේ යෙදවේ. දැනටමත් එම ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පොලිස් කොට්ඨාස කිහිපයක්ආවරණය කිරීමට සිදු වීම මඟින් ඇතිවන දුෂ්කරතාවයනුත්, එම ප්‍රදේශ වල තිබෙන විශාලත්වයත් යන සාධක සැළකිල්ලට ගෙන මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනා ජනාධිපතිවරණ විශේෂ රාජකාරියේ යෙදවීමට කටයුතු කළ බව රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya