මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය-2019 ඡන්ද කාර්යාල පවත්වාගෙන යැම පිළිබඳ පැහැදිළි කිරීමක්

    නොවැම්බර් 14, 2019

    ජනාධිපතිවරණය පෙර නිහඬ කාල සීමාව තුළ හා ඉන් පසු කාල සීමාව තුළ පවත්වාගෙන යා හැකි මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කරුණු පැහැදිළි කරයි.

     

     ඒ මහතා ඊයේ (13) පොලිස් මුලස්ථානයේ පවතී මාධ්‍ය හමුවේ දි මෙම කරුණු අනාවරණය කළේ ය.

    මැතිවරණ කොමිෂම වරින් වර නිකුත් කළ උපමාන වලට යටත්ව කාර්යාල වර්ග හතරක් තිබෙන බවත් ඉන් වර්ග තුනකට අයත් කාර්යාල මේ වනවිටත් ස්ථාපිත කර තිබෙන බවත් ඒ මහතා කීය.

    පළමු වර්ගය නිවේදිත මධ්‍ය ඡන්ද කාර්යයාල වන බවත්,මෙම කාර්යාල පවත්වාගෙන යා හැක්කේ මැතිවරණ කොට්ඨාශයකට එක බැගිනි. ඒ අනුව දිවයින පුරා මැතිවරණ කොට්ඨාස 22 ක් පවතින බවත්, එම මැතිවරණ කොට්ඨාසයකට එක බැඟින් නිවේදිත මධ්‍ය ඡන්ද කාර්යයාල පවත්වාගෙන යා හැකි බවත්, එම වර්ගයේ කාර්යයාල ඔක්තෝබර් මස 07 දින සිට නොවැම්බර් 17 මධ්‍යම රාත්‍රී දක්වා පවත්වාගෙන යාමට හැකියාව පවති.

    දෙවැනි වර්ගයේ කාර්යයාල වන්නේ, නිවේදිත ශාඛා කාර්යාල අංක එක (01) යටතේ පවත්වාගෙන යන කර්යාලයි.මෙම කාර්යයාල පවත්වාගෙන යා හැක්කේ ඡන්ද කොට්ඨාසයට එක බැඟින් බවත් (ඡන්ද පොළට අදාළ තිබෙන සීමාව/ ඡන්දය දැමීමට එන මිනිසුන් පදිංචිව සිටින බල ප්‍රදේශය), නමුත් එය පවත්වාගෙන යා හැක්කේ ඔක්තෝබර් 07 සිට අද (14) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණකි.

    නිවේදිත ඡන්ද ශාඛා කාර්යයාල අංක දෙක (2) පවත්වාගෙන යා හැක්කේ ඡන්ද ප්‍රදේශයකට එක බැඟින් පවත්වාගෙන යා හැකි බවත්, දිවයිනේ ඡන්ද ප්‍රදේශ 160 ක් පවතින බවත්, නමුත් මෙම නිවේදිත ශාඛා කාර්යයාල අංක දෙක යටතේ පවත්වාගෙන යා හැකි ඡන්ද කාර්යයාල විවෘත කළ හැක්කේ නොවැම්බර් 15 වන දා සිට නොවැම්බර් 17 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා පමණක් බවත් පැවසිය.

    එමෙන්ම හතර (4)වන ඡන්ද කර්යයාල වර්ගය වන්නේ අපේක්ෂකයා හෝ බලයලත් නියෝජිතයා පදිංචි නිවාස කර්යයාලයක් ලෙස පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. මෙම හතර වන වර්ගයේ කර්යයාල පවත්වාගෙන යා හැක්කේ මැතිවරණ කොට්ඨාසයකට එක බැඟින බවත්, එය ඔක්තෝම්බර් 07 වන දා සිට නොවැම්බර් 17 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා හැකි බවත් මෙහි දී සඳහන් කෙරිණි.

    ඒ අනුව, නිවේදිත ශාඛා කාර්යයාල අංක එක (01) යටතේ පවත්වාගෙන යන කාර්යයාලය හැරුණු විට ඉතිරි කාර්යයාල වර්ග තුනම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේත් (16) පවත්වාගෙන යා හැකි බව මෙහි දී සඳහන් වුවත්, එහෙත් ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක දුරින් ඡන්ද කාර්යාලයක් තිබේ නම් එහි ප්‍රදර්ශනය කර තිබෙන කටවුට් ආදිය ගලවා ඉවත් කිරීම හෝ පිටතට නොපෙනෙන ආකාරයට ආවරණය කිරීම අවශ්‍ය වන බවත් ඒවායෙහි ප්‍රචාරක රැස්වීම් ආදිය නිහඬ කාලය තුළ පැවැත්වීම තනහම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya