මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණ රාජකාරියට ලංගම බස් රථ යෙදවෙයි- දුර සේවා ඇරඹේ

    නොවැම්බර් 14, 2019

    ජනාධිපතිවරණයෙහි මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් රථ 1366 හා ජනාධිපතිවරණ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන් ප්‍රවාහනයට බස් රථ 210 පමණ ධාවනය සඳහා යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි නිහාල් හිඳැල්ලආරච්චි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමක දී පැවසීය.

    එසේම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තම ගම්බිම් බලා යන මගී ජනතාවගේ අවශ්‍යතාව උදෙසා නියමිත මගී ගමන් වාරයන්ට අමතරව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සිට විශේෂ දුර ගමන් සේවාවක් ද ක්‍රියාත්මක වන බව ඒ මහතා මෙහිදී කීය.

    ඒ අනුව අද දිනයේ (14) ක්‍රියාත්මක විශේෂ දුර ගමන් වාර සඳහා බස් රථ 21 ක්ද හෙට දිනයේ (15) බස් රථ 118 පමණ ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇත.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම රියදුරු හා රියදුරු සහායකවරුන්ගේ නිවාඩු මෙම දිනයන්හි අවලංගු කර සේවයේ යෙදවීමට කටයුතු කර ඇති අතර මගී ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවාවන් නිසි පරිදි සැලැස්වීමට ලංගම ප්‍රාදේශිය කාර්යාල කළමනාකරුවන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya