මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධාන උල්ලංඝණය කරන රජයේ නිළධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර - මැතිවරණ කොමිසමේ සභාපති

    නොවැම්බර් 14, 2019

    ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ රාජකාරි සඳහා අනියුක්ත ව ඇති නිළධාරීන් විවිධ සාවද්‍ය හේතු මත රාජකාරි පැහැර හැරීමට කටයුතු කිරීම නිරීක්ෂණයට ලක්ව ඇතිබවත්, ඒලෙස සාධාරණ හේතුවක් නොමැතිව සිදු කරන රාජකාරි පැහැර හැරීම් සම්බන්ධයෙන් අදාළ නිළධාරීන් සඳහා විධිමත් පරීක්ෂණයකින් අනතුරුව නීතිමය කටයුතු කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    විධාන පැහැර හරින නිලධාරීන්ට එරෙහිව රුපියල් ලක්‍ෂයක දඩ මුදලක් සමඟ වසර 03 ක සිර දඬුවමක් ලබා දීමට හැකියාව ඇති බව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya