දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    ස්වාධීන මැතිවරණය නිරීක්ෂණයක් ලබා දීමට පියවර ගන්නවා-ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්

    නොවැම්බර් 14, 2019

    2019 නොවැම්බර් 16 වන දින පැවැත්විමට නියමිත ශ්‍රි ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පති කර ගැනිමේ ඡන්ද විමසීමට අදාළව ස්වාධීන මැතිවරණය නිරීක්ෂණයක් ලබා දීමට තම කණ්ඩායම බලාපොරොත්තු  වන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජික දකුණු අප්‍රිකාවේ මානව  හිමිකම් සංගමයේ විධායක අධ්‍යක්ෂ හනීෆ් මොහොමඩ් වැලී (Hanif Mohammad Vally ) මහතා (13) කොළඔ දී  මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ය.

    එළඹෙන ජනාධිපතිවරණයේ සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනාවකට අනුව පැමිණි මෙම පිරිසට  ඉන්දුනීසියාව,ඉන්දියාව,දකුණු අප්‍රිකාව,මාලදිවයින,හා බෘනයි යන රටවල් අයත් වේ. මෙහිදි 14 දිනයේ දී ඔවුහු  කොළඔ,ගම්පහ,හම්බන්තොට,යාපනය,වව්නියාව, මඩකළපුව,අම්පාර,ත්‍රිකුණාමලය,කුරුණෑගල,  පුත්තලම,මොනරාගල යන දිස්ත්‍රික්ක වල නිරීක්ෂණකටයුතු වලට එක් වන බව හනීෆ් මහතා වැඩිදුරටත් පැවසීය.

    එමෙන් ම (14) දින මෙම ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් ඒ ඒ දිස්ත්‍රික්කයන් හි සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හමුවීමට නියමිත  අතර 15 වන දින ඡන්දපොළට ගොස් එක් එක් ඡන්දපොළ සකස්  කර ඇති ආකාරය නිරික්ෂණයක් ද සිදු කිරිමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිම සඳහා  කළුතර,අනුරාධපුර,රත්නපුර,කෑගල්ල,නුවරඑළිය,ගාල්ල දිස්ත්‍රික්ක වල කණ්ඩායම් යොදවන බවත්,මැතිවරණ  දිනයේ දි එනම් 16 වන දින ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතුවල නිරතවීමට නියමිතය . එසේ ම 2019  නොවැම්බර් 17 වන දින මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කිරිමට ද ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම්  බලාපොරොත්තු වෙයි.

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya