අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සජීවි මාධ්‍ය මෙහෙයුම මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාගේ අධීක්ෂණයට

    නොවැම්බර් 14, 2019

     මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ  රජයේ නිල පුවත් වෙබ් අඩවිය (www.news.lk) නිල ඡන්ද ප්‍රතිඵල  සජීවී ලෙස එසැනින් විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී

    එහි සූදානම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ නිරීක්ෂණයට ඊයේ (13) ලක් විය.

    ජනාධිපතිවරණ නිල ප්‍රතිඵල සමාජ මාධ්‍ය ඔස්සේ සජීවි විකාශයක් ලෙස ගෙන එන්නේ ප්‍රථම වරටය. ජනාධිපතිවරන නිල ප්‍රතිඵල මාධ්‍යයට මෙන් ම ජනතාවට නිකුත් කිරීමේ නිසි බලධරයා වන්නේ ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවයි. එම සමාජ වගකීම මූලික කරගනිමින් මෙවර ජනාධිපතිවරණයේ නිලප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලියට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය මේ වනවිටත් කටයුතු සූදානම්  වෙමින් සිටියි.

    පුළුල් සජීවී මාධ්‍ය ආවරණයක් වන මෙහි නිෂ්පාදන දායකත්වය රජයේ චිත්‍රපට අංශය  (GFU ) විසින් සිදු කරයි. සජීවී මාධ්‍ය ආවරණය රජයේ නිලපුවත් වෙබ් අඩවිය www.news.lk සහ එහි නිල ෆේස්බුක් අඩවිය (facebok ), යූ ටියුබ් අඩවිය (youtube ), ට්විටර් (twitter )අඩවිය මෙන් ම එස්.එම්.එස්. SMS සේවාව ඔස්සේ සිදු කරනු ලබයි

    මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහත මෙන් ම මැතිවරණ කොමිෂන් සභාවේ හළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya