දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධ ඉටි රූ කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

    නොවැම්බර් 13, 2019

    පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින්   විවෘත කෙරිණි.

    නූතන යුගයට ගැළපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණි තාක්ෂණය අද වෙසෙන ජනතාවට අවබෝධ කරදීම සහ පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක භාණ්ඩ එක් රැස්කිරීමට හා ඒවා මතු පරපුරට සංරක්ෂණය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුගාරය ලෙස මෙම කෞතුකාගාරය ජනාධිපතිතුමා අතින් ජාතියට දායාද කෙරුණේ පසුගිය ජූලි 03 වනදාය.

    කෞතුකාගාරයේ විශේෂ අංගයක් වූ ඉටි රූ කෞතුකාගාරය අද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර නිදහස ලැබීමෙන් පසු මෙරට පහළ වූ රාජ්‍ය නායකයන්ගේ රුව එහි නිර්මාණය කර තිබේ.

    මේ අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය ධූර කාලය තුළ විදේශ රාජ්‍ය නායකයන්ගෙන් ලද ත්‍යාග සහ සිහිවටන ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත පවරාදීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙන අතර, එම භාණ්ඩ තැන්පත් කර පොළොන්නරුව තාක්ෂණික කෞතුකාගාරයේ සකස් කෙරුණු මැදිරිය ද අද මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

    මෑතකාලීනව සිදුකෙරුණු විශාලතම ව්‍යාපෘතියක් ලෙස ජාතියට දායාද කෙරුණු පොළොන්නරුව තාක්ෂණික කෞතුකාගාරය පිහිටි ඉඩමේ ඔප්පුව කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදීමේ ලිපි ලේඛන ද මෙහිදී ජනාධිපතිතුමා අතින් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය වෙත භාරදීම සිදු විය.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya