මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    නොවැම්බර් 12, 2019

    2019 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත්, එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළට ඒමට ඊට නිසි අවසර ඇති අයවලුන්ට පමණක් ඉඩ ලැබෙන බවත්, ඔවුන් සියල්ලෝම ද ඉතා දැඩි පරික්ෂාවට ලක්කෙරෙනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පොලිස් මුලස්ථානයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

    එමෙන්ම, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වන සියල්ලන්වම වීඩියෝ ගත කෙරෙන බවත්, ඒ සඳහා අදාළ උපදෙස් පොලිස් මුලස්ථානය විසින් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් වෙත ලබා දී ඇති බවත්, රුවන් ගුණසේකර මහතා මෙහි දී කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya