අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල ඡන්ද පත්‍රිකා නොවැම්බර් 16 දින ද ප්‍රදේශයේ තැපැල් කාර්යාලය මඟින් ලබාගත හැකියි- තැපැල්පති

    නොවැම්බර් 11, 2019

    ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයෙකු වේ නම්, එම නිල ඡන්ද පත්‍රිකා තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙතින් ලබා ගැනීමේ හැකියාව නොවැම්බර් මස 16 වනදා සවස 5.00 දක්වාම පවතින බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමක දී තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

    මෙහිදී තම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
    ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඔක්තෝබර් මස 26 වන දා ආරම්භ කළ අතර මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් වශයෙන් නොවැම්බර් 03 වන ඉරිදා දින ද ක්‍රියාත්මක විය. මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස 09 වන දිනෙන් අවසන් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya