දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 26 වන සංවත්සරය සමරයි

    නොවැම්බර් 11, 2019

    ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 26 වන සංවත්සරය ත්‍රිකුණාමලයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී නොවැම්බර් 09 වන දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

    ඒ අනුව ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් ධර්ම දේශනයක් හා උදෑසන ගරුතර මහා සංඝරත්නය තිස් නමක් විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක්ද පැවැත්විණි. අනතුරුව මාතෘ භූමිය ආරක්ෂා කිරීම උදෙසා සිය ජීවිතය පූජා කළ විශේෂ යාත්‍රා බලඝණ රණවිරුවන් සිහිකිරීම පිණිස ඉදිකරන ලද රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකරන ලදී.

    මෙම අවස්ථාව සඳහා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති,රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya