අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයදා හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට රත්නපුරය සූදානම්- දිස්ත්‍රික් ලේකම්

    නොවැම්බර් 11, 2019

    ජනාධිපතිවරණ කාලසීමාවේ දී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය ඊට සූදානම් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

     ඇය මේ බව සඳහන් කළේ මැතිවරණ කාලසීමාවේ දී ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයට පෙර සූදානම් වීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා ( 07 දා) පැවති රත්නපුර දිස්ත්‍රික් හදිසි ආපදා කළමණාකරණ කමිටුව අමතමිනි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්තුමිය රත්නපුර දිස්ත්‍රික්කය නිරන්තරයෙන් ආපදාවන්ට ලක්වන දිස්ත්‍රික්කයක්. විශේෂයෙන් ගං වතුර හානාය යාම් ඒ අතර ප්‍රධානයි. ජනාධිපතිවරණ කාලසීමාවේ දී කිසියම් ආපදාතත්ත්වයක් ඇති වුවහොත් අපට ප්‍රධාන වශයෙන්ම රාජකාරී දෙකක් ඉටු කිරීම ට තිබෙනවා. එනම් අවහිරතාවයකින් හා බාධාවකින් තොරව ජනතාවට ඡන්දයභාවිතා කිරීමට අවස්ථාව සලසා දීම හා ආපදාවන්ට ලක් වූ පිරිස් වෙත සහන සැලසීම. මෙම කාරණා දෙකටම සිටින්නේ එකම නිලධාරීන් පිරිසක්. ඒ නිසා ඔබට මට අප සියලු දෙනාටම විශාල වගකීමක් මෙම කාරණා දෙකේ දීම ඉටු කිරීමට තිබෙනවා.

    මැතිවරණය පවත්වන දින කිසියම් ඡන්ද මධ්‍යස්ථානයක් ආපදාවට ලක් වුවහොත් ක්ෂණිකව විකල්ප ඡන්ද මධ්‍යස්ථානයක් සූදානම් කළ යුතුයි. එහි වගකීම මා දැනුවත් කර අදාල ප්‍රදේශය භාර ප්‍රාදේශීය ලේකම්වරයා දැරිය යුතුයි. එමෙන්ම කිසියම් ඡන්ද මධ්‍යස්ථානයකට ප්‍රවේෂ වන ප්‍රවිෂ්ට මාර්ග ජලයෙන් යට වුවහොත් හෝ වෙනත් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන්න. ඡන්ද පෙට්ටි රැගෙන යාමේ දී සහ රැගෙන ඒමේ දීත් අදාල මාර්ග ආපදාවන්ට ලක්වුවහොත් විකල්ප මාර්ග භාවිතා කරන්න. එහි දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අදාල පලාත් පාලන ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් කට යුතු කළ යුතුයි. කිසිදු රාජ්‍ය ආයතනයක් ආයතන ප්‍රධානියෙක් මේ වගකීම මට අදාල රාජකාරියක් නොවේ යැයි සිතන්න එපා. අප සියලු දෙනා එකාවන්ව කිසියම් ආපදා තත්ත්වයක් මැතිවරණය දින ඇති වුවහොත් කටයුතු කළ යුතුයි.


    එමෙන්ම හදිසි ආපදා තත්ත්වයන් හිදී භාවිතයට ගැනීම සඳහා ලබා දී තිබෙන ඔරු අඟුල් සියල්ල මනා ලෙස සූදානම් කර ගන්න. ආපදාවක් ඇති වුව හොත් ආපදා තත්ත්වයක් ඇති නොවුණු ස්ථානවල තිබෙන ඔරු අඟුල් කඩිනමින් අවශ්‍ය ස්ථාන වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගන්න. හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් සියලුම රාජ්‍ය ආයතන ක්ෂණිකව ක්‍රියාත්මක වන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පලාත් පාලන ආයතනය, පොලීසිය, කුරුවිට යුධ හමුදා කඳවුර, විදුලි බල මණ්ඩලය, දැවසංස්ථාව, ජල සම්පාදන මණ්ඩලය, ටෙලිකොම් ආයතනය, රත්නපුර මහ රෝහල, අදාල ප්‍රාදේශීය රෝහල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ඇතුළු සෑම ආයතනයක්ම මැතිවරණ
    සමයෙහි හදිසි ආපදාවක් ඇති වුවහොත් අවශ්‍ය පියවර ගැනීම සඳහා සූදානමින් සිටින්න. ඒ වගේම මේ සෑම ආයතනයක්ම අනෙකුත් ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් ඇති කර ගන්න.


    මෙම අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් නීතීඥ එස්.බී. උඩෝවිට, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඩී.එල්. උදය කුමාරි, සහකාර දිස්ත්‍රික් ලේකම් බී.එච්.එස්. ධනවර්ධන, ප්‍රාදේශීය ලේකම්වරු සහ බොහෝ රාජ්‍ය ආයතනවල ප්‍රධානීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya