අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන්දය දීම සඳහා විශේෂ හැදුනුම්පතක් ලබාගැනීමේ කාලය දීර්ඝ කරයි

    නොවැම්බර් 10, 2019

    ඡන්දය භාවිතා කිරීමට වලංගු හැදුනුම්පතක් නොමැති ඡන්ද දායකයින්ට විශේෂ හැදුනුම්පතක් ලබාගැනීම සඳහා ලබාදී තිබූ කාලය නොවැම්බර් මස 13 දින මධ්‍යහාන 12.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය  කර තිබේ.

    ජනාධිපතිවරණයේ දී හැදිනුම්පත භාවිතා කිරීම සම්බන්ධයෙන් අද දින ( 10) මැතිවරණ කොමිෂන් සභාවේ  සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

     ''ජනාධිපතිවරණය 2019 ඡන්දය ලබාදීමට ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන සෑම ඡන්ද දායකයකු විසින් ම ස්වකීය  අනන්‍යතාව සහතික කිරීම සඳහා ඡායාරූපය සහිත හැදුනුම්පතක් ඉදිරිපත්කිරීම අනිවාය්‍යයි.''

    ''වලංගු ජාතික හැදුනුම්පතක්,වලංගු රියදුරු බලපත්‍රයක් , වලංගු විදේශ ගමන් බලපත්‍රයක්,යනාදී හැදුනුම්පත්  හෝ රාජ්‍ය සේවක විශ්‍රාමික හැදුනුම්පතක්,පූජ්‍ය පූජක උතුමන් වහන්සේලා වෙත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද හැදුනුම්පතක්,හෝ වැඩිහිටි හැදුනුම්පතක් නැතිනම් ඒ සියලු දෙනා විසින්  තාවකාලික නැතිනම් විශේෂ හැදුනුම්පතක් ලබාගත යුතුයි. ''

    ''එම හැදුනුම්පත් ලබාගැනීමේ කාලසීමාව ඊයේ (09) දිනයෙන් අවසන් වීමට තිබූ නමුත් බොහෝ පුරවැසියන්ගේත්  සිවිල් සංවිධානවලත් දේශපාලන පක්ෂවලත් ඉල්ලීම පරිදි එම කාලසීමාව නොවැම්බර් 13 දින මධ්‍යහාන 12.00  දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ''

    ''මුලින් කියන ලද හැදුනුම්පතක් නැතිනම් වහාම ඔබගේ ග්‍රාම නිලධාරී හෝ වතු නිලධාරී හමුවී එම තාවකාලික  නැතිනම් විශේෂ හැදුනුම්පත ලබාගැනීමට පියවර ගන්න.''

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya