දෙසැම්බර් 07, 2019
tami eng youtube  twitter facebook

    කොළඹ නගරයේ අහිතකර වායුගෝලීය තත්ත්වයෙහි අඩු වීමක්

    නොවැම්බර් 10, 2019

    කොළඹ නගරයෙහි පසුගිය දින දෙක තුළ පැවති වායු දූෂණ තත්ත්වය යහපත් තත්ත්වයට පත් වී ඇති බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමකදී පැවසීය.

    එසේම මේ වන විට කොළඹ නගරයේ වායු ගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණයේද අඩුවක් ද නිරීක්ෂණය වූ බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.


    සුළ‍ං හමන දිශාවේ වෙනස් වීමක් නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් මෙම තත්ත්වය අප රට තුළ පමණක් නොව ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය ආදී සමකය ආශ්‍රිත රටවල් කිහිපයකටම මෙහි බලපෑම පැවති බව ඒ මහතා කීය.
    ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බවත් වායු ගෝලීය තත්ත්වයෙහි යම් වෙනසක් ඇති වුවහොත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන බවත් මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya