මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් හෙට සිට ඇරැඹේ

    නොවැම්බර් 10, 2019

    යාපනයේ සිට සදුදා (11) සිට චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් අරඹනු ඇත.

    යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කරමින් ෆිට්ස් එයාර් පෞද්ගලික ගුවන් සමාගමට අයත් යානයක් (08) දින පස්වරුවේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට චෙන්නායි බලා පරීක්ෂණ චාරිකාවක නිරත වූ බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.

    මේ අතර ඉන්දියාවට අයත් “එලයන්ස් එයාර්” සමාගමේ ගුවන් යානාද සදුදා (11) සිට චෙන්නායි බලා වාණිජ ගුවන් ගමන් අරඹන බව එම සමාගම පවසයි.

    තම සමාගමට අයත් 91101 දරණ යානය පෙරවරු 10.35 ට චෙන්නායි හි සිට පිටත්ව පස්වරු 12 ට යාපනයට ළගාවන අතර එය 91102 යානය වශයෙන් පස්වරු 12.45 ට යළි ගමන් කිරීම අරඹා පස්වරු 2.10 ට චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළගාවීමට නියමිත බවද එලයන්ස් එයාර් ගුවන් සමාගම නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya