අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි - කැෆේ සංවිධානය

    නොවැම්බර් 08, 2019

    මාධ්‍ය වඩා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

    කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා වවුනියාවේ පැවැති වැඩමුළුවක දී පෙන්වා දුන්නේ බහුතරයක් මාධ්‍ය මෙවර එක් එක් අපේක්ෂකයින්ට සහය දක්වන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවයි.

    මේ සම්බන්ධයෙන් කැෆේ සංවිධානය විසින් සමීක්ෂණයක් සිදුකරමින් සිටින බවත් අදාල සමීක්ෂණ වාර්තාව ජනාධිපතිවරණයෙන් පසුව එළිදැක්වීමට අපේක්ෂා කරන බවත් අහමඩ් මනාස් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙම මාධ්‍ය උපමාන උල්ලංඝණය කිරීමට එරෙහිව ගත හැකි නීතිමය තත්වයන් යළි සැකසිය යුතුව ඇති බව සඳහන් කරන මනාස් මකීන් මහතා කියා සිටියේ, ඉදිරියේදී එම නීති සංශෝධනය කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වීමට අපේක්ෂා කරන බවයි.

     මේ වනවිට කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 684 ක් වන අතර ඒ අතරින් බහුතරය ප්‍රචාරණ නීති උල්ලංඝනය කිරීම් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya