අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආහාර නිෂ්පාදන ආයතන ඇගයීම් උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 08, 2019

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආහාර නිෂ්පාදන සහ පරිහරණය කරන ආයතන ඇගයීම සහ සහතිකපත් ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (06) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි.

    ආහාර නිෂ්පාදන මධ්‍යස්ථාන වශයෙන් සැලකෙන හෝටල්, ආපනශාලා, තේ කඩ, සුපිරි වෙළෙඳසැල් සහ වෙනත් සිල්ලර වෙළඳසැල් හා සංචාරක හෝටල් වර්ගීකරණය කරමින් සහතික පත් ප්‍රදානය කිරිමේ වැඩසටහනක් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල සහ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල මට්ටමින් දීප ව්‍යාප්තව ආරම්භ කර තිබේ.

    මෙම වර්ගීකරණය සඳහා ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ස්ථාන 800ක් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.

    පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර මින්නේරිය නව බස්නැවතුම්පොළ අද ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 250ක මුදලක් වැය කරමින් සියලු පහසුකම්වලින් සමන්විතව මෙම නව බස් නැවතුම්පොළ ඉදිකර තිබේ.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya