අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උණ රෝග තත්ත්වයන් වැළදී දින 02 ක් ඇතුළත ඩෙංගු NS1 පරීක්ෂාව රජයේ රෝහලකින් සිදු කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

    නොවැම්බර් 08, 2019

    දිවයින පුරා පවතින අයහපත් කාලගූණික තත්ත්වය සමග ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගෙන ඇත. එබැවින් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ජාතික මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    විශේෂයෙන්ම උණ රෝග තත්ත්වයන් වැළදී දින 02 ක් ඇතුළත ඩෙංගු NS1 පරීක්ෂාව රජයේ රෝහලකින් සිදු කර ගන්නා ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. එමගින් ඩෙංගු වෛරසය ශරීරගත වී ඇති බවට පූර්ව හදුනාගැනිමක් සිදු කළ හැකි බැවින් ප්‍රතිකාර පහසු වන බව ඒ මහතා පෙන්වා දෙයි. එමෙන්ම උණ රෝග තත්ත්වයක් වැළදී ඇති අවස්ථාවල දී පැරසිටමෝල් වර්ගයේ වේදනා නාශක ඖෂධ පමණක් භාවිතා කරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

     

     

    ඩෙංගු NS1 පරීක්ෂාව සහ පූර්ණ රුධිර පරීක්ෂාව (FBC) යන රුධිර පරීක්ෂණ සියළුම රජයේ රෝහල් වල දී නොමිලේ සිදු කර ගත හැකි බව සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එමෙන්ම ඩෙංගු රෝගීන් සදහා ප්‍රතිකාර කිරිමට අවශ්‍ය නවීන තාක්ෂණික වෛද්‍ය උපකරණ මේ වන විට රෝහල්වට ලබාදීමට ද කටයුතු කර ඇති බව රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පවසයි.

     

    විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දිස්ත්‍රික්ක 22 කේන්ද්‍ර කර ගනිමින් පසුගිය 31 දින අද දින (06) දක්වා ක්‍රියත්මක කිරීමට වසංගත රෝග විද්‍යා අංශයේ ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබුණි. එම මදුරු මර්දන වැඩසටහනේ දී පරිශ්‍ර 60,000 ක් පමණ පරික්ෂාවට ලක් කර ඩෙංගු කීටයින් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 700 කට පමණ නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර ඇති අතරඉන් බොහොමයක් කර්මාන්ත ශාලාඉදිකිරීම් සිදු කරන වැඩබිම් සහ ආගමික ස්ථාන බවට හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

     

    කොළඹගම්පහකළුතරමාතරගාල්ලවව්නියාවනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ පළාත් වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා තවදුරටත් සෙනසුරාදා සහ ඉරිදා දිනයන් හිදී ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    2018 වර්ෂය තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51659 ක් වාර්තා වූ අතර,2019 නොවැම්බර් මාසය වන විට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 64290 ක්  දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. ඒ අනුව ජනවාරි මස 5580 ක් දපෙබරවාරි මස 3736 ක් දමාර්තු මස 3832 ක්ද, අප්‍රේල් මස 2970 ක්දමැයි මස 4260 ක් දජුනි මස 5996 ක් දජුලි මස 8843 ක් දඅගොස්තු මස 9461 ක්දසැප්තැම්බරි මස 7195 ක් දඔක්තෝබර් මස 10505 ක් දනොවැම්බර් මස මේ වනවිට 1912 ක් ද වශයෙන් වාර්තා වී ඇත. මෙම වසරේ වැඩිම ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් වාර්තා වී ඇත්තේ මෙම වර්ෂයේ ඔක්කෝබර්  මාසය ඇතුළතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya