අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූ විද්‍යා කටයුතු පිළිබඳව ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

    නොවැම්බර් 08, 2019

    ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර භූ විද්‍යා ඛනිජ ක්ෂේත්‍රවලට අදාළව දෙපාර්ශවයටම අන්‍යොන්‍ය ප්‍රතිලාභයන් අත් කර ගැනීම සඳහා දැනුම හුවමාරු කර ගැනීමේ අවබෝධතා ගිවිසුමකට කැන්බරාහි පිහිටි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේදී පසුගියදා අත්සන් තැබිණි.

    මෙම ගිවිසුමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා සහ ඕස්ට්‍රේලියානු භූ විද්‍යා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජේම්ස් පොන්සන් යන මහත්වරු අත්සන් තැබූහ. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යා) උදය ද සිල්වා යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගීී වූහ.

    මෙම අවබෝධතා ගිවිසුමට (05)  පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya