මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද දායකයින් තැපැල් ඡන්දය සළකුණු කර අවසන්

    නොවැම්බර් 08, 2019

    ජනාධිපතිවරණයට අදාළ සියලු ම තැපැල් ඡන්ද දායකයින් තැපැල් ඡන්දය සළකුණු කර අවසන් වී තිබෙන බවත් ඡන්දය ගණන් කිරීම නොවැම්බර් 16 සවස 5.00 පසුව සිදු කරන බවත් ඊට ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිශතය ප්‍රකාශ කළ නොහැකි බවත් එසේ ප්‍රකාශ කිරීම අසත්‍යයක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

     ජනාධිපතිවරණයට අදාළ සියලු ම තැපැල් ඡන්ද දායකයින් තැපැල් ඡන්දය සළකුණු කර අවසන් වී තිබෙනවා.දින 04 ඡන්දය ලකුණු කිරීමට නොහැකි වූ අයගේ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ගෙනැත් දී තිබුණා.ඒ අයට ඊයේ (07) අවස්ථාව දී තිබුණා.ඒ අනුව 07 දිනෙන් පඩුව තැපැල් ඡන්ද ලකුණු කිරීමට කිසිවෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. තැපැල් ඡන්ද ගනන් කරන්නේ 16 වැනිදා ප.ව.5.00 පසුවයි.ඒ නිසා කිසිවෙකුට කියන්න බැහැ අපේ අපේක්ෂකය මෙච්චර ප්‍රතිශතයක් ගත්තා, මෙච්චර සංඛ්‍යාවකින් දිනුම් කියලා.ඒක අසත්‍ය ප්‍රකාශයක් යැයි ද සභාපතිවරයා සඳහන් කළේ ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya