මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආයතනවලට අදාළ ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වගබලා ගන්න- කතානායක

    නොවැම්බර් 07, 2019

    පසුගිය වසරට අදාළ සියලු රාජ්‍ය ආයතනවලට අදාළ ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වග බලා ගන්නා ලෙස  කතානායක කරූ ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තුවට කාරක සභා වාර්තා පිළිගන්වන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා  විශ්වවිද්‍යාලවල අරමුදල් සම්බන්ධයෙන් සහ සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් සිදු කළ  අඳහස් දැක්විමට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා මේ බව සඳහන් කළේ ය.

    මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ සහ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරවන බවත් සමහර විශ්ව විද්‍යාලව ගිණුම් අවුරුද්ද දෙක ප්‍රමාද වූ අවස්ථා තිබුණු බවත් කතානායකවරයා පෙන්වා දුන්නේ ය.

    අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව් වැනි වාර්තාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළේ ය. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව මෙලෙස ඉදිරිපත් කෙරිණි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya