මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙහෙරගල ජලාශයේ වාන්දොරටු අළුත්වැඩියාව සඳහා නාවික හමුදාව සහායවෙයි

    නොවැම්බර් 07, 2019

    නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 04 වන දින තණමල්විල, වෙහෙරගල ජලාශයේ දෝශයට ලක්ව ඇති වාන් දොරටුව පිළිසකර කිරීමට සමත්විය.

    ඒ අනුව මෙම ජලාශයේ වාන් දොරටු එසවීම සඳහා ඇති යාන්ත්‍රණයේ දෝශයක් හේතුවෙන් එක් වාන් දොරටුවක් එසවීමට නොහැකිව ඇති බව නාවික මූලස්ථානයට වාරිමාර්ග දෙපාර්කමේන්තුව විසින් දැනුම් දී තිබිණි.

    එහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත දකුණු නාවික විධානයේ නාවිකයින් පිරිසක් එම ස්ථානය වෙත කඩිනමින් යවා වෙහෙරගල ජලාශයේ වාන් දොරටුවේ සිරවී තිබූ කේබලයේ කොටස් ඉවත් කර අක්‍රිය වී තිබූ වාන් දොරටුව පිළිසකර කිරීමට සමත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya