අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීම මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකිරිමට හැකි වූ යුග මෙහෙවරක්

    නොවැම්බර් 07, 2019

    මොරගහකන්ද – කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකිවීම තම ධූර කාලය තුළ මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකිරිමට හැකි වූ යුග මෙහෙවරක් ලෙස සලකන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ   (06) පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.

    දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් පොළොන්නරුවේ පාසල් රැසක සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 998ක වියදමින් ඉදිකෙරුණු පුලතිසිපුර විද්‍යාපීඨයේ තෙමහල් ගුරු නේවාසිකාගාරය විවෘත කිරීම අද පළමුව ජනාධිපතිතුමා අතින් සිදු විය.

    රුපියල් ලක්ෂ 177ක වියදමින් පොළොන්නරුව අල්මිනා මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරුණේ ඉන් අනතුරුවයි.

    රුපියල් ලක්ෂ 63ක වියදමින් විජයබාහුපුර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

    මේ අතර හිඟුරක්ගොඩ නාගපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ රුපියල් ලක්ෂ 73ක වියදමින් ඉදිකෙරුණු පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීම සිදු කෙරුණේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා අතිනි.

    රුපියල් ලක්ෂ 73ක වියදමින් පොළොන්නරුව හතමුණ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු නව පන්තිකාමර ගොඩනැඟිල්ල සහ රුපියල් ලක්ෂ 230ක වියදමින් හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවන්ට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 69ක වියදමින් මැදිරිගිරිය මහින්ද මහා විද්‍යාලයේ ගොඩනැඟිලි 04 ක් අලුත්වැඩියා කෙරුණු අතර එම පංතිකාමර ගොඩනැඟිලි සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විය.

    එහිදී සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රජයකට රටේ අනාගතය වෙනුවෙන් කළහැකි ඉහළම ආයෝජනය වන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී උගතුන් වැඩි වැඩියෙන් රට තුළ බිහි කිරීම බවයි.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya