අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය ප්‍රකාශ කිරීම ගැන මැතිවරණ කොමිෂමේ සභපතිවරයා කරුණු පැහැදිළි කරයි

    ඔක්තෝබර් 29, 2019

    ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කිරිමේ දී ඡන්දදායකයන් තමා කැමැති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියේ ඡන්ද පත්‍රිකාවේ දකුණු පැත්තේ “1” ඉලක්කම සළකුණු කළයුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (29) මැතිවරණ කාර්යාලයේ විශේෂ මාධ්‍ය ප්‍රකශනයක් නිකුත් කරමින් සදහන් කළේ ය.

    වැඩිදුරටත් අදහස් දැක් වු අදහස් දැක් වු සභාපතිවරයා, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිමේ මේ බව පනතේ සදහන් වන පැවසිය.

    මීට අමතරව අවශ්‍ය නම් වෙනත් අපේක්ෂකයෙකුට හෝ දෙදෙනෙකුට තමා ඡන්දය ප්‍රකාශ කිරිමට බලාපොරොත්තු වන්නේ නම්, අපේක්ෂකයාගේ නම හා ලකුණ ඇති තිරුවේ ලකුණට දකුණු පසින් දෙවන මනාපය සදහා “2”ඉලක්කම ද අනෙක් අපේක්ෂකයා සඳහා එපරිදිම තුන්වන මනාපය “3” ඉලක්කමෙන්ද දැක්විය හැකිය.

     මෙහිදි 1.2.3 යන ඉලක්කම්වලට අමතරව වෙනත් කිසිදු ඉලක්කමක් හෝ කතිර හෝ සංකේතයක් හෝ අකුරු හෝ ඡන්ද පත්‍රිකාවේ සලකුණු නොකළ යුතුය.

    මනාප සලකුණු කිරිමට අපේක්ෂා නොකරන ඡන්දදායකයන්ට අවශ්‍ය නම් තමා ඡන්දය දෙන අපෙක්ෂ්කයගේ නම හා ලකුණ ඉදිරියෙන් “1” ඉලක්කම පමණක් සලකුණු කිරිමෙන් ඡන්දය දිය හැකිය.එවිට ද කතිර හෝ වෙනත් සංකේත ඡන්ද පත්‍රිකාවේ සලකුණු නොකළ යුතුය.

    යම්කිසි ඡන්දදායකයෙක් ඡන්දය පමණක් දිමේ දි “1” වෙනුවට සම්ප්‍රදායික කතිරය x සලකුණු කර තිබුණේ වුවද එම ඡන්ද පත්‍රිකාව ඡන්දය දිම සදහා වලංගු ඡන්දය පත්‍රිකාවක් ලෙස සලකනු ලැබේ.එසේ වුවද එම එකම එක කතිරයට අමතරව වෙනත් ඉලක්කම් හෝ කත්ර හෝ සංකේත සලකුණු කිරිමෙන් වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya