අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැළණි ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාව සැළකිලිමත් වන්න - අපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    ඔක්තෝබර් 22, 2019

    මේ වන විට පවතින වැසි තත්ත්වයත් සමඟම ගංගා ජල මට්ටම් වල වැඩිවීමක් වාර්තාවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති දත්ත මත පදනම්ව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඒ අනුව, කැළණි ගඟේ නාගලගම් වීදිය අසල ගංගා ජල මට්ටම සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත්, කැළණි ගඟ ආශ්‍රිතවත්, නාගලගම් වීදිය සහ එම ප්‍රදේශය ආශ්‍රිතවත් වෙසෙන සියලුම ජනතාව විශේෂ අවධානයෙන් පසු වන ලෙසත්, අත්තනගලු ඔයේ දුනමලේ ප්‍රදේශයෙනුත් සුළු ගංවතුර මට්ටමක් දක්වා වැඩි වී ඇති බවත්, කැළණි ගඟේ ස්ථාන කිහිපයක හංවැල්ලෙන් පහළ ප්‍රදේශ වල ජල මට්ටම් වැඩි වී ඇති බවත් අපදාකලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya