අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන කටයුතු දිගටම සිදු කරනවා - ඇමති දයා ගමගේ

    ඔක්තෝබර් 22, 2019

    මැතිවරණය පැවතිය ද රටේ වන සංවර්ධන කටයුතු නවතා නොදමන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්විමේ අමාත්‍ය දයා ගමගේ මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසිය.

    මේ දිනවල තමාට හා තම අමාත්‍යාංශයට එල්ල වි ඇති චෝදනාවට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ, මැතිවරණයක් ප්‍රකාශයට පත් වුවද සිදු කරන සංවර්ධන වැඩපිළිවෙල අතර මඟ නතර කල නොහැකි බවයි.කෙසේ වුවද,ජනධිපතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16 වෙනිදායින් පසුව මෙම සියලු ම ව්‍යාපෘති පෙර පරිදි ම ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා කීය.

    එසේම ජනාධිපතිවරණය පැවැත්වුව ද කැබිනට් මණ්ඩලය විසිරුවා හැර නොමැති බවත්,මේ ආණ්ඩුව ලබන අගෝස්තු වන තෙක් බලයේ සිටින බවත් පැවසු ඇමතිවරයා,තම අමාත්‍යාංශය මඟින් සිදු කරන මේ සියලු ම සංවර්ධන කටයුතු නිත්‍යනුකුලව සිදු කරන බව ද සඳහන් කළේය.

     එසේම ඇල්පිටියේ ඡන්දය හේතුවෙන් එම ප්‍රදේශයට ලබා දිමට තිබු සමාද්ධි හිමිකම් සහතික පත් ද මැතිවරණ කොමිසම කළ නියෝගය හේතුවෙන් නවතා දමා තිබු අතර එය ද ජනාධිපතිවරණයෙන් පසුව ලබා දිමට කටයුතු කරන බව ද ඇමතිවරයා පැවසිය.

    එසේම ලංකාවේ සමෘද්ධි බැංකු 1073ක් තිබෙන අතර සියලු ම සමෘද්ධි බැංකු නොවැම්බර් මාසය අවසන් විමට පෙර පරිගණක ගත කිරීමට තමා බලාපොරොත්තු වන බව ඇමතිවරයා වැඩිදුරටත් කීය.

    මේ සියලු ම සංවර්ධන හා සුබසාධන වැඩ කරන්නේ පාට,පක්ෂ භේදයකින් තොරව බව පැවසු ඇමතිවරයා, මෙම වැඩසටහන් කරගෙන යැමට ඉඩ දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya