මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා ඔක්තෝබර් 25 වනදා තැපෑලට

    ඔක්තෝබර් 22, 2019

    මෙවර ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා ඔක්තෝබර් මස 25 වනදා තැපැල් දෙපාර්තමේන්තුව වෙත  ලැබීමට නියමිත බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා රජයේ නිල පුවත් වෙබ්අඩවියට පැවසීය.

    ඉන් අනතුරුව මෙම නිල ඡන්ද පත‍්‍රිකා සතියේ දිනයන්ට අමතරව නොවැම්බර් මස 03 හා 10 යන ඉරිදා දිනයන්හි දී ද බෙදා හැරීම සිදු කරන බව ඒ මහතා මෙහිදී සඳහන් කළේ ය.

    නිල ඡන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා ස්ථීර සේවකයින්ට අමතරව තාවකාලික සේවකයින් ද යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩි දුරටත් කීය.

    එමෙන් ම යම් ලෙසකින් නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම් ඔහුට තම ප්‍රදේශයේ තැපැල්  කාර්යාලවට ගොස් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද පත්‍රිකාව ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ( පර්යේෂණ හා සැලසුම් ) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට දන්වා  සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya