නොවැම්බර් 22, 2019
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරණයට අදාළ කරුණු ගණනාවක් සාකච්ඡාවට - පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ කොමිෂමේ සභාපති අතර හමුවක්

    ඔක්තෝබර් 22, 2019

    ජනාධිපතිවරණය 2019 ට අදාළව තරඟ කරන පක්ෂවල අපේක්ෂකයන්,ඡන්ද නියෝජිතයන්,පක්ෂ ලේකම්වරු හා  නීති නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡවක් අද (22) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැත්විණි.

    මෙහිදී ජනාධිපතිවරණයට අදාළ වැඳගත් කරුණු ගණනාවක් සාකච්ඡාවට ගැණුනු අතර පක්ෂ නියෝජිතයන්  විසින් ගැටළු, යෝජනා අඳහස් ඉදිරිපත් කිරීම සිදු කළේ ය.

    මැතිවරණ කාලය තුළ රාජ්‍ය මෙන් ම පෞද්ගලික මාධ්‍ය හැසිරීම , ෆෙස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය මැතිවරණ  කටයුතු සඳහා භාවිතා කිරීමේ දී පවතින ගැටළු,දේශපාලන කටයුතු සඳහා රාජ්‍ය දේශපල යොදා ගැනීම,අත්  පත්‍රිකා බෙදීම්, පොස්ෆ්ටර් ප්‍රචාර ආදී ඡන්ද විමසීම්වලට අදාළ ප්‍රචාර කටයුතු,නිහඬ කාල සීමාව,ඡන්ද විමසීමේ දී  හා ඡන්ද ගණන් කිරීමේ ඇතිවිය හැකි ගැටළු අවම කර ගැනීම, ඡන්දය භාවිතා කිරීමේ දී භාවිතා කෙරෙන ඡන්ද  පෙට්ටිය සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීම,නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ  පැහැදිළි කිරීම, අපේක්ෂයන්ට ලබා දී තිබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම හා ඒ පිළිබඳව  සාකච්ඡා කිරීම,ඡන්දපොළ නියෝජිතයන් යෙදවීම, යනාදී කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානයට යොමු කර  සාකච්ඡා කෙරිණි.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධනත්වයෙන් මෙම සකච්ඡාව පැවැත්වූ  අතර මේ අවස්ථාවට ජනාධිපතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂකයන් නියෝජනය කරන නියෝජිතයන්,  නීති නිලධරීන්,මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්, ශ්‍රී ලංකා පොලීසිය,මෙන් ම මැතිවරණ කොමිෂන් සභාවේ  සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර මහතා, මහාචාර්ය එස්. රත්නජීවන් එච් හූල් මහතා,  මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත් මහතා,මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.කේ.  සමන් ශ්‍රී රත්නායක මහතා, අතිරේක මැතිවරණ කොමසාරිස් (පාර්ලිමේන්තු ඡන්ද විමසීම් හා පුරවැසි දැනුවත්  කිරීම්)රසික පීරිස් මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

     

    elec meeting

     

    ඡයාරූප- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya