අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නෙක්ස්ට් - නීල හරිත යුගයක් 2019 වැඩසටහන කොළඹ දී

    ඔක්තෝබර් 22, 2019

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් සංවිධානය කරන, ''ශ්‍රී ලංකා නෙක්ස්ට් '' - නීල හරිත යුගයක් 2019 වැඩසටහන හෙට (23) සහ අනිද්දා (24)කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

    එක්සත් ජාතීන්ගේ තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ ගෝලීය වැඩසටහන දියත් කිරීම ද මෙහිදී සිදු කෙරේ. කැලෑ පරිසර පද්ධති හා ඒ හා සම්බන්ධ වැදගත් සේවා අගය කිරීමට ජනතාව දිරිමත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

    කතානායක කරූ ජයසූරිය,මහවැලි සංවර්ධන හා පරිසර රජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම,එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙයි.

    සමුළුව අවසානයේ ඉන්දියානු ගායක රිකී කෙජ් සහභාගීවන ප්‍රසංගයක්ද පැවැත් වේ. දෙස් විදෙස් නියෝජිතයන් 1600ක් පමණ මෙම ප්‍රදර්ශනයට පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya