අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ටෝකියෝහි නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වෙයි

    ඔක්තෝබර් 22, 2019

    ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා   (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

    ජපාන රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාව එහිදී පිළිගත් අතර ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු එරට තානාපති කාර්යාලයේ නිලධාරිහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    ජපාන රජයේ විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපතිතුමා මෙම සංචාරයට එක්ව සිටින අතර ලෝක නායකයන් රැසක් සහභාගීවන ජපාන අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය  අද  දහවල් ටෝකියෝහි දී උත්කර්ෂවත් අන්දමින් පැවැත් වේ.

    මෙම සංචාරය අතරතුර දී ජනාධිපතිතුමා ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මුණ ගැසීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya