අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි මැතිවරණ ක‍්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ‍්‍රී ලංකාව සමත්වීම ලොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල පැසසුමට- නෙදර්ලන්ත විදේශ ඇමති

    ඔක්තෝබර් 20, 2019

    විවිධ අභියෝග මධ්‍යයේ වුවද නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි මැතිවරණ ක‍්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ‍්‍රී ලංකාව සමත්වීම ලොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල දැඩි පැසසුමට ලක්ව තිබෙන බව නෙදර්ලන්ත විදේශ අමාත්‍ය Stef Blok    මහතා පවසයි.

    ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍යවරයා  (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.

    ශ‍්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික හා කලාපීය කටයුතු පිළිබ`ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක් විය.
    තමා මෙවර ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කරන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙවර මැතිවරණය ඉතා සාමකාමී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම දූෂණවලින් තොර මැතිවරණයක් වනු ඇති බවට තමාට සහතික විය හැකි බව ද කියා සිටියේය.

    පොලීසිය සහ ති‍්‍රවිධ හමුදාව තමා යටතේ පවතින බැවින් මැතිවරණ සමයේ දී රටේ නීතිය සහ සාමය ආරක්ෂාකරමින් අපක්ෂපාතී සහ ස්වාධින මැතිවරණයකට කැපවීමට තමා ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් ස`දහන් කළේය.
    ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කි‍්‍රයාවලිය උදෙසා විශේෂයෙන් මහාමාර්ග සංවර්ධනය, ජල දූෂණය වළක්වා ගැනීමේ යෝජනා ක‍්‍රම සහ ග‍්‍රාමීය වශයෙන් පාලම් ඉදිකිරිමේ ව්‍යාපෘති සඳහා නෙදර්ලන්තය ශ‍්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා පසුගියදා පොළොන්නරුවේ කි‍්‍රයාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් ද ලබාදුන් සහයෝගය ද ස්තූති පූර්වකව සිහිපත් කළේය.

    ශ‍්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අදාළ ව්‍යාපෘතිවලට එම ක්ෂේත‍්‍රයේ විශේෂඥතාවයක් දක්වන නෙදර්ලන්තයේ සහයෝගය තවදුරටත් ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡුාවට ලක් විය.

    පාස්කු ඉරිදා සිදුවීම පිළිබඳව ජනාධිපතිතුමා වෙත සිය කණගාටුව පළ කළ නෙදර්ලන්ත විදේශ අමත්‍යාවරයා ත‍්‍රස්තවාදයට එරෙහි කටයුතුවලදී ජාත්‍යන්තර සහයෝගය තර කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබ`දව ද අදහස් දැක්වීය.

    නෙදර්ලන්ත විදේශ අමාත්‍යාංශයේ අසියාව පිළිබඳ ප‍්‍රධාන නිලධාරි, ශ‍්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ඇතුළු නියෝජිත පිරිසක් ද ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya