මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ වැඩි වීමක්

    ඔක්තෝබර් 20, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්, විශේෂයෙන්ම බස්නාහිර,මධ්‍යම, සබරගමුව දකුණු, ඌව සහ වයඹ පළාත්වල බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන්ම සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර, මධ්‍යම, සබරගමුව,වයඹ සහ උතුරු පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී.100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක.

    උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya