මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුමිතුරු දැයකින් දිනවමු දරුවන්- දැනුවත් වී බලවත් වෙමු මැයෙන් ළමා මිතුරු වැඩසටහනක් තිහගොඩ දී

    ඔක්තෝබර් 19, 2019

    2019 ලෝක ළමා දිනයට සමගාමීව ‘සුමිතුරු දැයකින් දිනවමු දරුවන් - දැනුවත් වී බලවත් වෙමු’ මැයෙන් ළමා මිතුරු වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මාතර - තිහගොඩ සරසි උත්සව ශාලාවේ දී පැවැත්විණි.


    එහි දී ප්‍රදේශයේ ළමයින් වෙනුවෙන් පවත්වන ලද සාහිත්‍ය තරඟ, ගද්‍ය, පද්‍ය රචනා තරඟ හා චිත්‍ර තරඟ ඇතුළු තරඟ ඉසව් ගණනාවක් ඔස්සේ පවත්වන ලද තරඟ වලින් ජයග්‍රහනය කළ ජයග්‍රාහකයන් සදහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරන ලදි.


    මේ අවස්ථාවට තිහගොඩ ප්‍රාදේශිය ලේකම් උමේෂා මාතරගේ මහත්මිය, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධරින්, ප්‍රදේශයේ ළමා සමාජ වල දරු දැරියන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


    තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරකෂක සේවා දෙපාර්තුමේන්තව, තිහගොඩ ළමා සභාව හා සමෘද්ධී සවර්ධන දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන සන්විධානය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya