අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද පත‍්‍රිකා තැපැල් කාර්යාල වෙත බෙදා හැරීම ඇරඹේ

    ඔක්තෝබර් 18, 2019

    ජනාධිපතිවරණයෙහි තැපැල් ඡුන්ද පත‍්‍රිකා දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල හරහා තැපැල් කාර්යාල වෙත බෙදා හැරීම අද (18) ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැලසුම්) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    දිවයින පුරා සහතික කිරීමේ නිලධාරීන්හට ඔක්තෝබර් 25 වන දිනට පෙර තැපැල් ඡන්ද පත‍්‍රිකා ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

    මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප‍්‍රකාශයට පත් කිරීම ඔක්තෝබර් 31 හා නොවැම්බර් 01 වන දිනයන්හි දී පැවැත්වෙන අතර මෙවර තැපැල් ඡන්දය ප‍්‍රකාශයට පත් කිරීමට අයදුම්කරුවන් 6,59,317 ක් සුදුසුකම් ලබා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya