අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''එක්ස්පෝ 2020 ඩුබායි'' ශ්‍රී ලංකාවේ නිලවශයෙන් දියත් කරයි

    ඔක්තෝබර් 18, 2019

    එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම 2019 ඔක්තෝබර් 17 වන දින  සිදු කළ  අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබ්‍රාහිම් අල් මුවල්ලා මහතාගේ, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණි.

     එක්ස්පෝ 2020 ඩුබායි හි නිල වෙබ් අඩවිය ද   අන්තර්ජාලයට එක් කළේ ය “එක්ස්පෝ 2020 ඩුබායි” නරඹන්නන් මිලියන 25 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉන් 70% ක් ජාත්‍යන්තර සංචාරකයින් වනු ඇත. තවද රටවල් 200 කට අධික ප්‍රමාණයක් මාස 06 ක කාල සීමාවක් තුළ එක්ස්පෝ 2020 ඩුබායි” හි ප්‍රදර්ශනයෙහි රැදී සිටිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

    දැනටමත් ශ්‍රී ලංකා රජය 2019 ජුලි 08 වන දින “ඩුබායි එක්ස්පෝ 2020 කාර්යාංශය” සමඟ නිල සහභාගීත්ව ගිවිසුමට අත්සන් තබා ඇත.

    එක්ස්පෝ 2020 ඩුබායි හි ශ්‍රී ලංකා මණ්ඩපය “Opportunity ” දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර “Island of Ingenuity” යන තේමාව යටතේ මණ්ඩපය සංවිධානය කෙරේ. මණ්ඩපය සැලසුම් කිරීම මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් “ජලය (Water)” යන තේමාව යටතේ සිදු කරන ලදී. මෙම තේමාව, ශ්‍රී ලංකාව “ඕනෑම අභියෝගාත්මක සිදුවීමක් , අවස්ථාවක් ලෙස දැකීමට කැමති ජාතියක්” වශයෙන් විදහා දක්වනු ඇත. ඕනෑම අභියෝගාත්මක තත්වයකට අනුවර්තනය වීමේ හැකියාව අප තුළ ක්‍රියාත්මක වන අතර, සෑම ජල බිංදුවක්ම අපේම දියුණුවේ මාවත පෝෂණය කරන අනෙක් සියලු දෙනාටද මෙය මග පෙන්වීමක් සේ සැලකිය හැක. මෙහිදී ගැටළු විසඳීමේ සංස්කෘතික හා දේශීය ක්‍රමවේදයන් හරහා ව්‍යවසායකත්වයේ හා නව්‍යකරණයේ ගැටළු විසදීමේ අගය මෙතුලින් පෙන්වයි.

    එක්ස්පෝ 2020 ඩුබායි හරහා සංචාරක ව්‍යාපාර වර්ධනය, නවෝත්පාදනය ව්‍යාපාරවල දියුණුව සහ ව්‍යාපාර සදහා උචිත රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිය ඉහළ නැංවීම මගින් 2025 ශ්‍රී ලංකා දැක්ම සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කරයි.

    මෙම මාස හයක කාල සිමාව තුළ සංචාරක අංශය ඇතුළු නිෂ්පාදන හා සේවා අංශ 26 ක් සමගින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත.

    සන්නාම තානාපතිවරු
    සංචාරක, වෙළඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍රයන්හි එකිනෙකට වෙනස් අවස්ථාවන් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම හා සන්නාමය කිරීම සඳහා එක්ස්පෝ 2020 ඩුබායි වේදිකාව යොදා ගැනෙනු ඇත. විශාලත්වය සහ ගෝලීය අවධානය සැලකිල්ලට ගනිමින් මෙම අවස්තාව ආකර්ෂණීය වනු ඇති අතර, මෙහි ප්‍රවර්ධනය කටයුතු සඳහා ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික සන්නාම තානාපතිවරුන් පත්කර තිබේ.


    “ශ්‍රී ලංකා ක්‍රිකට්” හරහා දැනටමත් ලබා ඇති ගෝලීය පිළිගැනීම හේතුවෙන් “එක්ස්පෝ 2020 ඩුබායි” සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මහේල ජයවර්ධන මහතා සහ කුමාර් සංගක්කාර මහතා සන්නාම තානාපතිවරුන් ලෙස පත්කර තිබේ. ඒ අනුව ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ශක්තිය වෙළඳ නාමයක් ලෙස භාවිතා කළ හැකිය.


    තවද ලෝක ප්‍රකට ශ්‍රී ලංකා සූපවේදියෙකු වන පීටර් කුරුවිට මහතා ශ්‍රී ලංකික කුළුබඩු සමඟ කැටි වූ ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ කලාව හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරාධිත සූපවේදීයකු ලෙස “එක්ස්පෝ 2020” සදහා සහභාගි වනු ඇත..
    “එක්ස්පෝ 2020 ඩුබායි” සහභාගි වීම තුළින් ලංකාවේ සිල්ලර වෙළඳාම සඳහා ලෝක වෙළඳ පොළෙහි අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් අඩු ආදායම් ලබන පුද්ගලයින්, පවුල් සහ ප්‍රජාවන් වෙත වටිනා අවස්ථාවන් උදා වේ.
    මෙහි දී තෝරා ගනු ලැබූ නිෂ්පාදන කාණ්ඩ වන්නේ; ආයුර්වේද සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, තේ, ඇඟලුම්, ශ්‍රී ලාංකික කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන, ආහාරපාන අත්කම් නිෂ්පාදන, ඇඟලුම්, ස්වර්ණාභරණ, තෑගි භාණ්ඩ, අත් යන්ත්‍ර නිෂ්පාදන, බතික් සහ බීරළු නිෂ්පාදන. “එක්ස්පෝ 2020 ඩුබායි” වැඩසටහනට අදාළ තිරසාර බලපෑම “Global best practice programme” යටතේ ක්‍රියාත්මක කිරිඉමට අපේක්ෂිත ඉහළම ව්‍යාපෘති 25 යටතේ මුහුදු විද්‍යා (Seacology) විෂය පථයට අදාළ ව ”ශ්‍රී ලංකා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය” තෝරා ගන්නා ලදී.


    මෙම වැඩසටහනින් රටෙහි ප්‍රතිරූපය ඉහළ නැංවීම සහතික කෙරෙන අතර ශ්‍රී ලංකාවේ නව්‍ය හා සාර්ථක ව්‍යාපෘති සඳහා වැඩි අවධානයක් මෙන්ම , ගෝලීය ආකර්ෂණය ලබා ගැනීමටද අවස්ථාව ලැබෙනු ඇත.
    “ශ්‍රී ලංකා දිනය” සැමරුම
    “ශ්‍රී ලංකා දිනය” සැමරුම් උත්සවය 2021 ජනවාරි 03 වන දිනට සැසි වාර 2ක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව  ලංකාවේ රාජ්‍ය නායක, ශ්‍රී ලංකා සන්නාම තානාපතිවරුන් සහ අනෙකුත් සම්භාවනීය පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් “ශ්‍රී ලංකා දිනය” සැමරුම පැවැත්වෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya