ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ අදහස් පළ කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ,පන්සල,පල්ලි,කෝවිල යන ආගමික ස්ථාන වල දී ආගමික කටයුතු කෙරෙන අවස්ථාවන් වල දී දේශපාලන රැස්විම් පැවැත්වීම තහනම් බව ඔහු වැඩිදුරටත් පවසයි.
එසේම බෝධි පුජාවකදී,දානයක් පිළි ගැන්විමෙන් පසුව කෙරෙන ධර්ම දේශනාවල දි,බණ දේශනාවල දි,ඉරිදා දේව මෙහෙයක දි,සිකුරාදා පල්ලියේ කෙරෙන දේව යාඥාවක දි,කෝවිල් වල සිදු කෙරෙන සතිපතා,දිනපතා කෙරෙන පුජාවන් වලදි,දේශපාලන ගැන කතා කොට මේ අපේක්ෂකයාට සහය දෙන්න,මේ අපේක්ෂකයා හොඳම කෙනා යන්න ප්‍රකාශ කිරිම පුරවැසි ප්‍රජා අයිතිය ප්‍රකාශ කරන කෙනාගේ අහිමි විමට හේතුවක් බව සභාපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය.
එමෙන් ම එවැනි ස්ථානයක රැස්විමක් සංවිධානය කොට එම ස්ථානයකට සහභාගි වුවහොත්,තේරී පත්විම පවා අවලංගු විමට ඉඩ ඇතැයි මහින්ද දේශප්‍රිය මහතා තරයේ ප්‍රකාශ කළේ ය.